01 ....

01 ....
ශ්‍රී ලංකාව තුළ විද්‍යා දැනුම, විද්‍යා සාක්ෂරතාව දියුණු කිරීම තුළින් රට තුළ විද්‍යා හා පර්යේෂණ ඉදිරියට ගෙනයාම තුළින් ආසියාතික කලාපයේ විද්‍යා හා ඒ ආශ‍්‍රිත පර්යේෂණයන්ගෙන් ස්වයං පෝෂිත ජාතියක් බිහි කිරීමේ මාධ්‍ය මෙහෙවර ඉටු කිරීම අපේ දැක්මයි.

02 .....

02 .....
ශ්‍රී ලංකාව තුළ විද්‍යා දැනුම, විද්‍යා සාක්ෂරතාව දියුණු කිරීම තුළින් රට තුළ විද්‍යා හා පර්යේෂණ ඉදිරියට ගෙනයාම තුළින් ආසියාතික කලාපයේ විද්‍යා හා ඒ ආශ‍්‍රිත පර්යේෂණයන්ගෙන් ස්වයං පෝෂිත ජාතියක් බිහි කිරීමේ මාධ්‍ය මෙහෙවර ඉටු කිරීම අපේ දැක්මයි.

03 .....

03 .....
ශ්‍රී ලංකාව තුළ විද්‍යා දැනුම, විද්‍යා සාක්ෂරතාව දියුණු කිරීම තුළින් රට තුළ විද්‍යා හා පර්යේෂණ ඉදිරියට ගෙනයාම තුළින් ආසියාතික කලාපයේ විද්‍යා හා ඒ ආශ‍්‍රිත පර්යේෂණයන්ගෙන් ස්වයං පෝෂිත ජාතියක් බිහි කිරීමේ මාධ්‍ය මෙහෙවර ඉටු කිරීම අපේ දැක්මයි.

ලංකාව ලෝකයට ගෙන ගිය විද්‍යා ලෝකයේ ලලනා යුගලය

ලංකාව ලෝකයට ගෙන ගිය විද්‍යා ලෝකයේ ලලනා යුගලය
සිළුමිණට කතාකරයි
24 නොවැම්බර්, 2018
මුහුදු ක්ෂීරපායීන් පිළිබඳ ලංකාවේ එකම ආචාර්ය උපාධිධාරිනිය
පිළිකා පර්යේෂණ නව මාවතකට හැරවූ ආචාර්ය හසිනි ජයතිලක
නිල් තල්මසුන් අපට කරන මෙහෙය බොහෝ දෙනෙක් දන්නේ නෑ
'පිළිකා' පැතිරීම පාලනය කිරීමට මගේ සොයාගැනීම රුකුලක් වේවි
පිළිකා ගැන ලෝකයේ කෙරෙන පර්යේෂණවල නිමක් නැත. විද්‍යාගාරවල කොටුවී මේ පර්යේෂකයන් බොහෝ දෙනකු අහස පොළොව ගැටලන්නේ පිළිකාවලින් බැට කන සුවහසක් රෝගීන්ට අපේක්ෂාවක් ලබා දීමේ අරමුණ හිස දරාගෙන ය. මේ අරමුණ ඔස්සේ අහස පොලොව ගැටලන ලෝකය පුරා පිළිකා පර්යේෂකයන් සියලු දෙනාම තම අවධානය මඳකට නවත්වමින් හිස ඔසවා බලන්නේ ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ අනුක ජීව විද්‍යාගාරයකින් හෙළිදරව් වුණු ලෝකය හොල්ලන සොයා ගැනීමත් සමඟ ය; ඒ ගිය අවුරුද්දේ ය.

මේ මහා හෙළිදරව්ව කළේ ලෝකයේ පිළිකා පර්යේෂණ සම්බන්ධ අග්‍රගණ්‍ය මහා පර්යේෂකයෙක් නොවේ. පුදුමය නම් එයට සම්බන්ධ වූයේ අණුක ජීව විද්‍යාව පිළිබඳ ව නොතිත් ආශාවෙන් කටයුතු කරමින් තම ආචාර්ය උපාධි නිබන්ධනය වෙනුවෙන් පර්යේෂණයක නියැළෙන තරුණියක අතින් වීම ය. එතැන් පටන් මේ තරුණියට ඇමෙරිකාවෙන් ලද ප්‍රසිද්ධිය සුළු පටු නැත. වෛද්‍ය පර්යේෂණ ලෝකය පමණක් නොව මුළු මහත් වෛද්‍ය ලෝකය මතු නොව ඇමෙරිකාවේ සහ ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය පවා ඇය ගැන කතා කරන්නට පටන් ගත්තේ ය. ඇය අණුක ජීව විද්‍යාඥවරියක මේ සිහිනය හඹා ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට ඉගිළුණු තරුණියකි. පසුගියදා සුප්‍රකට ජාත්‍යන්තර සඟරාවක් වන ෆෝබ්ස් සඟරාව ලෝකයේ වයස අවුරුදු 30ට අඩු ප්‍රබලතම පර්යේෂකයන් තිස් දෙනා අතරට හසිනි ජයතිලක ද ඇතුළත් කර ගත්තා ය.

පිළිකා ශරීරය තුළ පැතිරීමට බලපාන හේතුව සහ එය වැළැක්වීමට කළ හැකි ප්‍රතිකාර පිළිබඳ ව පැහැදිලි මඟක් කියා දෙන හසිනිගේ සොයා ගැනීම වෛද්‍ය පර්යේෂණ ලෝකයට නොමැකෙන මඟ සලකුණකි. ඇයගේ මේ තීරණාත්මක පර්යේෂණය ගැන පසුගියදා සිළුමිණ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැහැදිලි කළේ මෙලෙසිනි.

“අප පිළිකා කියල හඳුන්වන්නේ අපේ ශරීරයේ කිසියම් කාර්යයක් සඳහා හැඩ ගැසී තිබෙන සෛල අතුරින් කිහිපයක් ඊට වෙනස් මඟක් ගෙන වෙනස් වීම. මේ වෙනස් සෛල තවදුරටත් බෙදී එතැන අර්බුදයක් නිර්මාණය කිරීම අප පිළිකාවක් කියල හඳුන්වනවා. ඊළඟට වෙන්නේ මේ විදිහට වර්ධනය වූ පිළිකාව ශරීරයේ වෙත් තැන්වලට පැතිරීමයි. බොහෝ පිළිකා මාරාන්තික වෙන්නේ මේ ආකාරයට රුධිර පද්ධතිය හෝ අපේ ශරීරයේ වසා පද්ධතිය හරහා ගමන් කොට ශරීරයේ අත්‍යවශ්‍ය අවයවවලට හානි කිරීම නිසයි. උදාහරණයක් විදිහට කාන්තාවකගේ පියයුරක ඉහත ආකාරයට අසාමාන්‍ය සෛල වර්ධනයක් සහිත ගැටිත්තක් නිර්මාණය වුණාට එය ජීවිතයට ලොකු හානියක් නැහැ. නමුත් එ් ගැටිත්තේ තිබෙන පිළිකා සෛල ශරීරයේ තීරණාත්මක අවයවයක් කරා පැතිරුණහොත් එය බරපතළයි. ලෝකයේ වෛද්‍ය පර්යේෂකයන්ට තිබුණු ලොකුම ගැටලුව මේ පිළිකා සෛල සිරුර පුරා පැතිරිමේ හේතුව සොයා ගැනීම සහ එයට ප්‍රතිකාර කිරීමයි.

අණුක ජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සඳහා ජොන් හොප්කින්ස් සරසවියට සම්බන්ධ වුණ මගේ අරමුණ වුණේ මේ ගැන පර්යේෂණ කිරීමයි. මට ඒ ඔස්සේ මෙතෙක් වෛද්‍ය පර්යේෂකයන්ට සොයා ගත නොහැකිව තිබූ කරුණක් හෙළි කර ගැනීමට හැකි වුණා. ඔබ ඇතුළු මුළු ලෝකය ම අද ඒ ගැන කතා කරන්නේත් මට ලෝකයෙන් ලොකු පිළිගැනීමක් ලැබෙන්නේත් මේ පර්යේෂණය නිසයි.” ඇය නිහතමානීව එසේ පවසන්නීය.

ආචාර්ය හසිනි ජයතිලක ගේ මේ අනාවරණය වෛද්‍ය විද්‍යා ලෝකයට කෙතෙක් බලපෑවේ ද යත් ඇය විසින් හෙළි කර ගන්නා ලද මේ පිළිකා සෛලවල ක්‍රියාකාරිත්වය මේ වනවිටත් බටහිර වෛද්‍ය පර්යේෂකයන් හඳුන්වන්නේ හිසිනි ඉෆෙක්ට් Hasini Effect එනම් ‘හසිනි බලපෑම‘ ලෙසින් ය.

ආචාර්ය හසිනි තම පර්යේෂණය ගැන තවදුරටත් හෙළි කරන්නේ මෙසේය.

“අපි මුලින් කිවා වගේ පිළිකාවක් කියන්නේ අපේ ශරීරයේ පටක තුළ වෙනස් විදිහට නිර්මාණය වන විකෘති සෛල සමූහයක්. ඒවා එක් තැනක අලුත් සෛල බෙදෙමින් නිර්මාණය වෙද් දී ඒවා අතර තදබදයක් ඇතිවෙනවා. මේ සමඟ ම මේ සෛල අතර යම් පණිවිඩ හුවමාරුවක් සිදු වෙනවා. මේ පණිවුඩ හුවමාරුව සිදු කරන්නේ ඉන්ටලියුකින් 6 සහ ඉන්ටලියුකින් 8 කියන අණු වර්ග දෙක මඟින්. මූලික තැනින් සෛල වෙන්වී ශරීරයේ තවත් තැනකට එ් සෛල ගමන් කොට එතැන පැළපදියම් වීමට බලපාන්නේ මේ ඉන්ටලියුකින් මඟින් සිදු කෙරෙන ක්‍රියාවලියයි. මගේ පර්යේෂණයෙන් සොයා ගත් වැදගත්කම කරුණ මෙයයි. මේ පණිවිඩ යවන ක්‍රමය අවුල් කරවන හෝ වළක්වන ඖෂධයක් නිර්මාණය කළහොත් එය පිළිකා රෝගය වළක්වන තීරණාත්මක ඖෂධයක් වේවි. අපි මේ වනවිට විද්‍යාගාර මට්ටමේ දී මීයන් යොදාගෙන මේ පිළිකා සෛල අවහිර කරන ඖෂධ කිහිපයක සංයෝගයක් අත්හදා බලා තිබෙනවා. එය ඉදිරියේදි පිළිකා ප්‍රතිකාරවල දී සුවිශේෂ එකක් වේවි.

පසුගියදා ඇය යළිත් වරක් ලෝක අවධානය දිනා ගත්තේ ෆෝබ්ස් සඟරාව ඇයට ලබා දුන් අන්තර්ජාතික පිළිගැනීමෙනි. ඊට කලකට පෙර ඇමෙරිකාවේ ප්‍රකට ටෙඩ් සංවාද මණ්ඩපයේ දී ඇයට තම සොයා ගැනීම පිළිබඳ ව දේශනයක් කිරීමට අවස්ථාව සැලසුණු අතර, එහි දී ද ඇයට ලෝකයේ සෑම රටකින් ම පාහේ දැවැන්ත පිළිගැනීමක් ද ලැබුණු බව කියන්නී ය. ඒ ගැන වැඩිදුර විමසන්නට මත්තෙන් හසිනි ගේ ලාංකේය අක්මුල් ගැන දැන ගැන්ම මැනවැයි අපට සිතුණි.

“මම ඉපදුණේ කොළඹමයි. මගේ පියා සරත් ජයතිලක ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. මව ශිරානි. ඇය වෘත්තියෙන් නීතිඥවරියක්. පොඩි කාලයේ මම පාසල් ගියේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට. ඊට පස්සේ මම ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලට ඇතුළු වුණා. ලන්ඩන් උසස් පෙළ විභාගය ලියා වැඩිදුර අධ්‍යාපනය සහ ඇමෙරිකාවේ ජොන් හොප්කින්ස් සරසවියට ආවා. එහි දී මට හමුවුණු සුවිශේෂී ආචාර්යවරයෙක් තමයි මහාචාර්ය ඩෙනිස් විර්ට්ස්. ඔහු අපේ ශරීරයේ සෛල සහ අණු ක්‍රියා කරන අකාරය ගැන විද්‍යාගාරයේ දී අමුතු ඇසින් බැලූ මහාචාර්යවරයෙක්. ඔහු විද්‍යාගාරයේදිත් සම්ප්‍රදාය ඉක්මවමින් අලුත් ඇසකින් පර්යේෂණ දෙස බැලුවා. අපට ශරීරයේ ඇතුළත ක්‍රියාවලිය ගැන විද්‍යාගාරයේදි හරිහැටි අවබෝධයක් ලබා ගැනීමට එය වැදගත් බව ඔහු නිතර ම කීවා. ඔහු එ් සරසවියේ අණුක විද්‍යා මහාචාර්යවරයා. ඔහුගේ මේ නව්‍ය පර්යේෂණාත්මක පියවර අතිශයින් සිත් ගන්නා සුලුයි. ඒ ඔස්සේ මටත් මේ පර්යේෂණ ගැන අලුත් විදිහකට සිතනන්ට අවස්ථාව ලැබුණා. පිළිකා සෛල සම්බන්ධයෙන් ත්‍රිමාන ව බලා මේ පර්යේෂණය ගොඩ නඟන්නට හැකි වුණේ ඔහු නිසයි.

මේ වනවිට ආචාර්ය හසිනි ජයතිලක හොප්කින්ස් සරසවියෙන් නික්ම ස්ටැන්ෆර්ඩ් සරසවියට පිවිස ඇත. ලෝකයේ ප්‍රධානතම පෙළේ විශ්වවිද්‍යාලයයක් වන ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ සිට තම පර්යේෂණ තවදුරටත් ඇය විහිදුවාලමින් සිටින්නී ය. මේ වනවිට ඇයට ලෝකය පුරා විවිධ පර්යේෂණ සංවිධාන විශ්වවිද්‍යාල ආදියෙන් දේශන, වැඩ සටහන් සඳහා ලැබෙන ආරාධනා නිමක් නැත. ෆෝබ්ස් සඟරාවෙන් දුන් දැවැන්ත ප්‍රසිද්ධිය ඇයගේ දිනපොත තවදුරටත් කාර්යබහුල කරනු නිසැක ය. තවමත් වයස අවුරුදු 30 නොඉක්මවා සිටින ජාතියට ආඩම්බරයක් ගෙන දුන් මේ තරුණ පර්යේෂිකාව ශ්‍රී ලංකාවේ අනාගත පරම්පරාවට දෙන්නේ මොන වගේ පණිවිඩයක් ද?

“මම මුලින්ම කිව යුතු දේ තමයි අපි තෝරා ගන්න වෘත්තිය කවරක් වුවත් එයට අප අතිශයින් ඇලුම් කරන එකක් වෙන්න ඕන. ඒ ගැන නොතිත් ආශාවක් තිබෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපට වෙලාව, කලාව, කෑම බීම අමතක කරලා තමනගේ ඉලක්කය වෙනුවෙන් වැඩ කරන්න හිතෙන්නේ. මට මේ පර්යේෂණය කරනකොට වෙලාව අමතක කරල විවේකය අමතක කරල වැඩ කරන්න වුණා. එය මා විශේෂ කැප කිරීමක් කියල නොදකින්නේ ඒ තුළ මා ආශාවෙන් සිටි නිසයි. මම අපේ රටේ තරුණ පරපුරටත් කියන්නේ ඉලක්කයක් ඇති ව වැඩ කරන්න. කරන දේ ආශාවෙන් කරන්න කියලයි.

තමන්ට ඉඩ ඇති සෑම අවස්ථාවක ම ශ්‍රී ලංකාවට පැමිණ තම පවුලේ අය සහ මිතුරු මිතුරියන් අසුරු කර යන හසිනි පවසන්නේ, මේ මොහොතේ තමන්ගේ අවධානය තනිකරම පර්යේෂණවලට බැවින් ඇමෙරිකාවේ ගත කිරීම වඩාත් හිතකර බවයි. එහෙත් ඇයගේ බලාපොරොත්තුව කෙදිනක හෝ ශ්‍රි ලංකාවට පැමිණ ඇයගේ සේවය උපන් රටට ලබා දීම ය.

හසිනි ඇමෙරිකාවෙන් ලෝකය හොල්ලද් දී තවත් ශ්‍රී ලාංකේය පර්යේෂණ තාරකාවක් ලෝකය හොල්ලන්නේ බ්‍රිතාන්‍ය පදනම් කර ගනිමිනි. ඇ ආශා ඩී වෝස් ය. බ්‍රිතාන්‍ය බි.බී.සීය හරහා පසුගිය සතියේ ලොව ප්‍රකට වූ විශිෂ්ට කාන්තාවන් සිය දෙනා අතර සිටින ආශා ඩී වෝස් ය. ඇයද හසිනිගේ හොඳ ම මිතුරියෙකි. නිතරම ආශා ගැන වර්ණනාත්මක ව කතා කරන හසිනි වරෙක මේ ලියුම්කරුට ද ඇයගේ සුවිශේෂී හැකියාවක් අගයමින් ඇය හඳුන්වා දුන්නා ය.

ශ්‍රී ලංකාවේ නාමය ලෝකයට ගෙන යන තවත් අග්‍රගණ්‍ය පර්යේෂිකාවක් වන ආශා මහ සයුර සමඟ හැපෙන තල්මසුන් සමඟ ඇසුරු කරන අපූරු පර්යේෂිකාවකි.

ආශා ඩී වෝස් යනු ශ්‍රී ලංකාවෙන් බිහිවූ මුහුදු ක්ෂීරපායීන් පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත එකම පර්යේෂකයායි. ශ්‍රී ලංකා නිල් තල්මසුන් සංරක්ෂණ ව්‍යාපෘතිය නමින් ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ වැඩිපුර ගැවසෙන සාගරයේ දැවැන්තයන් වන නිල් තල්මසුන් ඇතුළු සමුද්‍ර ජීවීන් පිළිබඳව පර්යේෂණ සහ සංරක්ෂණ කටයුතු සිදු කරන ආයතනය බිහිවන්නේ ද ආශා ඩි වෝස් නමැති තරුණ පර්යේෂිකාවගේ පුරෝගාමිත්වයෙනි.

බී.බී.සී ය ලෝකයේ මුල් පෙළේ පර්යේෂිකාවන් අතර ට ඇය ගෙන යන්නට මත්තෙන් ඇයට ලෝක ප්‍රසිද්ධියක් ලබා දුන්නේ නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාව සහ එහි නැට් ජියෝ චැනලයයි. සාගරය සමඟ පොර බඳින අති දුර්ලභ මේ සුවිශේෂීි ලලනාව සුප්‍රකට නැෂනල් ජියෝග්‍රෆි ජාලයේ නිත්‍ය සම්පත් දායිකාවක් ලෙස පසුගිය කාලය තිස්සේ කටයුතු කිරීමත් ඒ ඔස්සේ ඇයගේ තොරතුරු ප්‍රචලිත වීමත් නිසා ඇයට මේ ලෝක ප්‍රසිද්ධිය ලැබුණි.

ආශා ඩී වෝස් මෙරට ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පියකු වන ඈෂ්ලි ඩි වෝස් ගේ දියණියයි. කොළඹ කාන්තා විද්‍යාලයයට ගිය ඇය තෙරක් නොපෙනෙන හසරක් නොදන්නා මහා සමුදුරේ වෙසෙන ජීවීන් ගැන ලෝකය නොදන්නා තොරතුරු සොයන තැනට යොමු කළේද නැෂනල් ජියෝග්‍රැගි සඟරාව කිවහොත් නිවැරදි ය. ඇයගේ මේ යොමුවීම ගැන තම මතකය අවදි කරන්නේ මෙසේය.

“අපේ දෙමාපියන් නිතරම ගෙදරට නැෂනල් ජියෝග්‍රැෆි සඟරාව ගෙනාවා. මට මතක හැටියට මා එය අතට ගත්තේ අවුරුදු හයේදී විතර. ලෝකයේ කවදාවත් අපට ඇහැට දකින්නට නොලැබෙන ස්වාභාවික දේ පිළිබඳව පින්තූර මුලින් ම දකින්න ගත්තේ එයින්. මහ මුහුදේ ඉන්න අපුරු ජීවින් ගැන මා දැන ගත්තේ මේ සඟරාවෙන්. මට මේ ගැන සෙවීමේ පළමු කුතුහලය බිහිවෙන්නේ එතැනින්. ඒ සමඟම මට පොඩි කාලයේ තවත් ලෝක පූජිත චරිතයක් ඇසුරු කරන්න ලැබෙනවා. ඒ මා පුංචි කාලයේ පිහිනුම් පුහුණු වෙන්න යන තැනදී. ඒ පුද්ගලයා තමයි ආචාර්ය ආතර් සී. ක්ලාක්. ඔහුත් මුහුද සමඟ අපූරු සම්බන්ධයක් දැක්වූ කිමිදුම්කරුවෙක්. ඔහු මට මහ මුහුදේ කිමිදුම් ගැන අපූරු කතා කියා දුන්නා; ඒ එක්ක මටත් ඒ ගැන කුතුහලයක් ඇති වුණා. මේ අතරේ වරක් මා කොළඹ ජාතික කෞතුකාගාරයට ගියා. කෞතුකාගාරයේ තිබෙන නිල් තල්මසාගේ දැවැන්ත ඇටසැකිල්ල ළඟට ගියාම ඒ තල්මසුන්ගේ සැබෑ ජීවිතය ගැන සොයන්න මට තවත් ආශාවක් ඇති වුණා. මේ සියල්ල අවසානයේ මා මුහුදු ජෛව විද්‍යාඥයකු වන තැනට මාවත පෑදුණා.

ආශා පවසන්නේ ඇයට මහ සමුදුර ගැන, එහි ජීවීන් තල්මසුන් ගැන පර්යේෂණ කරන්නට වුවමනා වුවද ඇයට මඟ පෙන්වීම සමත් මහාචාර්යවරුන් ශ්‍රී ලංකාවෙන හමු නොවූ බවය. එබැවින් ඇයට මුලින් ම මේ ක්සේත5යට පිවිසුමක් ගැනිම අතිශය දුෂ්කර කාර්යයක් වී ඇත.

“අපේ රට වටේ මුහුද තිබුණත් මේ මුහුද ගැන නිසි හැදෑරීමක් කළ විදයාඥයන් අපේ රටේ අල්පයි. අනෙක් අතට කාන්තාවන් මේ ක්ෂේත්‍රයේ හැදැරීම්වලට පිවිසෙන්නේ නැති තරම්. ඒ අතර මගේ ආශාව සහ කුතුහලය සංසිඳවා ගන්නට මට විශාල පීඩනයක් දරාගෙන විශාල කැපකිමක් කරන්න වුණා. අද මා සාර්ථක වී සිටිනේ මගේ ඒ අනවරත අරගලයේ ප්‍රතිඵළයක් විදිහටයි.“

ඇය වඩාත් ප්‍රිය කරන්නේ ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ වැඩිපුර ගැවසෙන නිල් තල්මසුන් පිළිබඳ ව ය. ඇය මේ තල්මසුන්ට ගෝලීය වටිනාකමක් එක් කරන හෙළිදරව්වක් කරන්නී ය.

“කවුරුත් නොදන්න කරුණක් තමයි, ලෝකයේ පැවැත්මට තල්මසුන් විශේෂ මෙහෙයක් කරන බව. කෙටියෙන්ම කීවොත් අපි හුස්ම ගන්න ඔක්සිජන් වායුගෝලයේ බහුල කරන්න තල්මසුන්ගෙන් සිදුවෙන මෙහෙය. වායුගෝලයට එක්වන ඔක්සිජන්වලින් සියයට 50කට වඩා එය ඇතැම්විට සියයට 70ක් විතර එකතු වෙන්නේ සාගරයේ ගැවසෙන නීල හරිත ශාකවලින්. සාගරය මත පවතින මේ නිල හරිත ප්ලවාංග ගහනය වැඩි කිරීම සඳහා තල්මසුන්ගේ මල මූත්‍ර විශේෂ දායකත්වයක් ලබා දෙනවා. බොහෝ විට මේ නිල් තල්මසුන් තම ආහාර ලබා ගන්නේ ඉතා ගැඹුරු මුහුදේ පතුලෙන්. ඒ ආහාර ද්‍රව්‍ය ලබාගෙන ජීරණය වන ඒවා බොහෝ විට පිට කරන්නේ සාගරය මතුපිට. ඒ අපද්‍රව්‍ය විවිධ ඛනිජ වර්ග, නයිට්‍රජන් ආදියෙන් පොහොසත්. ඒ නිසා ඒවා හරිතමය ශාක ප්ලවාංගවලට ලොකු පෝෂණයක් සලසනවා. අනෙක් අතට එ් ප්ලවාංග බොහෝ කුඩා මසුන්ටත් ආහාරයත් වෙනවා. තල්මසකු මිය ගියාමත් එ් මළ සිරුර කුඩා මසුන්ට පෝෂණය ගෙන දෙන ප්‍රභවයක්. නමුත් සමහර රටවල ඉවක් බවක් නැතිව තල්මසුන් දඩයම් කරනවා. ඒ වගේම සමහර නාවිකයන් බෝට්ටු කරුවන් නොසැලකිලිමත් ලෙස මේ සතුන් අනතුරට ලක් කරනවා.”

බ්‍රිතාන්‍යයේ හාන්ත ඇන්ඩෘ සරසවියෙන් තම මූලික උපාධිය ලබා ගන්නා ඇය පසුව ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් සහ ඕස්ට්‍රේෙලියාවේ බටහිර ඕස්ට්‍රේෙලියානු සරසවියෙන් තම පශ්චාත් උපාධි ලබා ගෙන ඇත. වසර 10ක කාලයක් තිස්සේ ඇය විසින් කරන ලද දැවැන්ත කැපවීම මත අද ඇය ලෝකයේ ප්‍රබල කාන්තාවන් සිය දෙනා අතරට එක්කර ඇත්තේ බී.බි.සී මාධ්‍ය ජාලයයි. ඇය මේ ගම තුළ සිදු කළ කැප කිරීම් ගැන අවසන් වශයෙන් කි දේ ලාංකේය තරුණ පරපුරට බෙහෙවින් වැදගත් ය.

“අපි කවුරුත් අපි ඇලුම් කරන ක්ෂේත්‍රය ඔස්සේ යා යුතුයි. සාමාන්‍යයෙන් ලංකාවේ අපව යොමු කරන්නේ වෛද්‍යවරයෙක්. ඉංජිනේරුවෙකු, නීතිඥවරියක වැනි සාම්ප්‍රදායික වෘත්තින් අතර තියන්න. නමුත් අපිට යම් බලාපොරොත්තුවක් ආශාවක් යම් ක්ෂේත්‍රයක් කෙරෙහි තිබෙනවා නම් කිසිම වෙලාවක බලාපොරොත්තු අත් හරින්න එපා ඒ සඳහා කැප වෙන්න. මට මහ මුහුද ගැන සොයන්න දවස් ගණන් දවල් රෑ නැතිව මහ මුහුදේ ඉන්න සිදු වෙනවා. ගිනි ගහන අව්වේ මහ වැස්සේ ඝන කළුවරේ මහ මුහුදේ ගෙවපු දවස් ගණන් කෙළවරක් නෑ. මට නවසීලන්තයේදි එක දිගට මාස හයක් පර්යේෂණ වැඩවල දී කුඩා කූඩාරමක කල් ගත කරන්න වුණා. එංගලන්තයේ ඉඳන් නවසිලන්තයට යන්න මුදල සොයා ගන්න අර්තාපල් වතුවල වැඩ කරන්න වුණා. සමහර අයට මම මහ මුහුදේ කල් ගත කරන එකත් ප්‍රශ්නයක්. අව්වට කළු වෙයි කියන එකත් ප්‍රශ්නයක්. මට එන බාධක සියල්ලම මම මැඩ ගන්නේ මට මා යෙදෙන පර්යේෂණවල තිබෙන කුතුහලය නිසයි. අද මම සාර්ථක සමුද්‍ර ජෛව විද්‍යාඥයෙක් පමණක් නෙවෙයි ඒ ගැන සාර්ථක දේශන පවත්වන දේශකයකු, ලේඛිකාවක සහ ඡායාරූප ශිල්පිනියක මෙන්ම සංරක්ෂකවේදිනියක ලෙස ලෝකය පිළිගන්නේ ඒ නිසයි.“

Special Thanks & writed By
චාමින්ද වාරියගොඩ

අඟහරු ගමන අතිසාර්ථකයි..

නාසා ආයතනය අද අලුයම අඟහරු ග්‍රහයා වෙත යවන ලද යානය අති සාර්ථක ලෙස අඟහරුමත පතිත කරන ලදී. මෙය පෘතුවියේ මනුෂ්‍ය සංහතිය ලැබූ විශාල ජයග්‍රහණයකි.

පෘතිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් මිලියන 458 ක දුරක්, මාස 7 ක් ඔස්සේ යමින් අද අළුයම අඟහරු මතට යානය පතිත කරන ලදී. අඟහරුග්‍රහයාගේ අභ්‍යන්තර ගැඹුර, ආකාශ වස්තු මෙන්ම අඟහරුගේ උපග්‍රහයන් ගැන අධ්‍යනය කිරීම මෙම රොබෝටික් යානයේ මෙහෙයුම වේ.
www.yssorg.blogspot.com

InSight Lands Successfully on Mars

Mars has just received its newest robotic resident.
NASA's Interior Exploration using Seismic Investigations, Geodesy and Heat Transport (InSight) lander successfully touched down on the Red Planet after an almost seven-month, 300-million-mile (458-million-kilometer) journey from Earth.

InSight’s two-year mission will be to study the deep interior of Mars to learn how all celestial bodies with rocky surfaces, including Earth and the Moon, formed.

InSight launched from Vandenberg Air Force Base in California May 5. The lander touched down Monday, Nov. 26, near Mars' equator on the western side of a flat, smooth expanse of lava called Elysium Planitia, with a signal affirming a completed landing sequence at approximately noon PST (3 p.m. EST).

"Today, we successfully landed on Mars for the eighth time in human history,” said NASA Administrator Jim Bridenstine. “InSight will study the interior of Mars, and will teach us valuable science as we prepare to send astronauts to the Moon and later to Mars. This accomplishment represents the ingenuity of America and our international partners and it serves as a testament to the dedication and perseverance of our team. The best of NASA is yet to come, and it is coming soon.”

The landing signal was relayed to NASA's Jet Propulsion Laboratory (JPL) in Pasadena, California, via one of NASA's two small experimental Mars Cube One (MarCO) CubeSats, which launched on the same rocket as InSight and followed the lander to Mars. They are the first CubeSats sent into deep space. After successfully carrying out a number of communications and in-flight navigation experiments, the twin MarCOs were set in position to receive transmissions during InSight's entry, descent and landing.

"We hit the Martian atmosphere at 12,300 mph (19,800 kilometers per hour), and the whole sequence to touching down on the surface took only six-and-a-half minutes," said InSight project manager Tom Hoffman at JPL. "During that short span of time, InSight had to autonomously perform dozens of operations and do them flawlessly — and by all indications that is exactly what our spacecraft did." 

Confirmation of a successful touchdown is not the end of the challenges of landing on the Red Planet. InSight's surface-operations phase began a minute after touchdown. One of its first tasks is to deploy its two decagonal solar arrays, which will provide power. That process begins 16 minutes after landing and takes another 16 minutes to complete.

The InSight team expects a confirmation later Monday that the spacecraft's solar panels successfully deployed. Verification will come from NASA's Odyssey spacecraft, currently orbiting Mars. That signal is expected to reach InSight's mission control at JPL about five-and-a-half hours after landing.

"We are solar powered, so getting the arrays out and operating is a big deal," said Hoffman. "With the arrays providing the energy we need to start the cool science operations, we are well on our way to thoroughly investigate what's inside of Mars for the very first time."

InSight will begin to collect science data within the first week after landing, though the teams will focus mainly on preparing to set InSight's instruments on the Martian ground. At least two days after touchdown, the engineering team will begin to deploy InSight's 5.9-foot-long (1.8-meter-long) robotic arm so that it can take images of the landscape.

"Landing was thrilling, but I'm looking forward to the drilling," said InSight principal investigator Bruce Banerdt of JPL. "When the first images come down, our engineering and science teams will hit the ground running, beginning to plan where to deploy our science instruments. Within two or three months, the arm will deploy the mission's main science instruments, the Seismic Experiment for Interior Structure (SEIS) and Heat Flow and Physical Properties Package (HP3) instruments."

InSight will operate on the surface for one Martian year, plus 40 Martian days, or sols, until Nov. 24, 2020. The mission objectives of the two small MarCOs which relayed InSight’s telemetry was completed after their Martian flyby.

"That's one giant leap for our intrepid, briefcase-sized robotic explorers," said Joel Krajewski, MarCOproject manager at JPL. "I think CubeSats have a big future beyond Earth's orbit, and the MarCO team is happy to trailblaze the way."

With InSight’s landing at Elysium Planitia, NASA has successfully soft-landed a vehicle on the Red Planet eight times.

"Every Mars landing is daunting, but now with InSight safely on the surface we get to do a unique kind of science on Mars," said JPL director Michael Watkins. "The experimental MarCO CubeSats have also opened a new door to smaller planetary spacecraft. The success of these two unique missions is a tribute to the hundreds of talented engineers and scientists who put their genius and labor into making this a great day."

JPL manages InSight for NASA's Science Mission Directorate. InSight is part of NASA's Discovery Program, managed by the agency's Marshall Space Flight Center in Huntsville, Alabama. The MarCO CubeSats were built and managed by JPL. Lockheed Martin Space in Denver built the InSight spacecraft, including its cruise stage and lander, and supports spacecraft operations for the mission.

A number of European partners, including France's Centre National d'Études Spatiales (CNES) and the German Aerospace Center (DLR), are supporting the InSight mission. CNES, and the Institut de Physique du Globe de Paris (IPGP), provided the SEIS instrument, with significant contributions from the Max Planck Institute for Solar System Research (MPS) in Germany, the Swiss Institute of Technology (ETH) in Switzerland, Imperial College and Oxford University in the United Kingdom, and JPL. DLR provided the HP3 instrument, with significant contributions from the Space Research Center (CBK) of the Polish Academy of Sciences and Astronika in Poland. Spain's Centro de Astrobiología (CAB) supplied the wind sensors.

නාසා ආයතනය අඟහරු ග්‍රහයා පරික්ෂා කිරීම සඳහා අද අඟහරුමත යානයක් පතිත කිරීම සිදුවේ.

නාසා ආයතනය අඟහරු ග්‍රහයා පරික්ෂා කිරීම සඳහා නොවැම්බර් මස 26 වන අද දින මධ්‍යම රාත්‍රී 12 - අලුයම 1.30 අතර කාලය තුල අඟහරුමත යානයක් පතිත කිරීම සිදුවේ. මෙය පෘතුවි වාසීන්ගේ විද්‍යා විෂයේ ඉතාමත්ම දියුණු සංධිස්ථානයක් වන අතර මෙම ක්‍රියාව ගැන ඔබට දැන ගැනීමට පහත වීඩියෝව නැරඹීමෙන් හැක.
https://youtu.be/kaC_DsH7WRg

විද්‍යාව වගේ විෂයක් ලංකාවෙ දියුණු වෙන එක පිටරටවල් වල ඉන්න අපිටත් ගොඩක් ආඩම්බරයක

ගොඩක් බුද්ධිමත් අය ලංකාව අතෑරල දාල පිටරටවල් වලට යනව. එහෙම වෙද්දි ඔයාල වගේ අය ලංකාව වෙනුවෙන් ඔහොම දෙයක් කරන එක ඇත්තටම ගොඩක් වටිනව. විද්‍යාව වගේ විෂයක් ලංකාව වගේ රටක දියුණු වෙන එක පිටරටවල් වල ඉන්න අපිටත් ගොඩක් ආඩම්බරයක්. හදවතින්ම සුබ පතනව ඔයාලගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල.
- Linda Perera -
   - Germany -